කාලයක් ණයවලින් ගියපු ආණ්ඩුව දැන් බදු මුදලින් යනවා
July 12, 2018 02:04 pm
කලක් ණයවලින් ඉදිරියට ගිය ආණ්ඩුව අද බදු මුදල් මත ඉදිරියට යන බව කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
යහපාලන නායකයින් විසින් රෑ කරන දෙය උදේ වන විට වෙනස් කරන බවත් එස් වන්නේ නම් රටට නායනයෙකු අනවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.