Back to Top

උකුස්සාගේ හෙළිදරව්වෙන් අලි කළමනාකරණ රක්ෂිතය ගැන බලධාරීන්ගේ අවධානය

උකුස්සාගේ හෙළිදරව්වෙන් අලි කළමනාකරණ රක්ෂිතය ගැන බලධාරීන්ගේ අවධානය

July 12, 2018  01:38 pm

Bookmark and Share

හම්බන්තොට මහවැලි කලාපයේ අලි කළමනාකරණ රක්ෂිත එළිකොට සිදුකරන සියලු වගාකටයුතු මහවැලි සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසිවලට අනුව නිතිවිරෝධීව සිදුකෙරෙන බවට අද දෙරණ උකුස්සා පසුගිය ජූනි මස 17 වැනිදා රට හමුවේ අනාවරණ කළේය.

එහිදී උකුස්සාට දැකගත හැකි වුණේ ‍පිරිසක් විසින් කිසිදු පැකිලීමකින් තොරව මෙහි හෙළි කිරීම් සිදුකර ඇති ආකාරයයි.

උකුස්සාගේ මෙම අනාවරණයෙන් පසුව ඊයේ(11) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්කාරයාලයේදී වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා සහා නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කලමනාකාර  ඔක්ස්මන් ද සිල්වා මහතාගේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලතල නොමැති ද යන්න පිළිබඳ ප්‍රශ්න කර සිටියේය.

එහිදී පිළිතුරු ලබා දෙමින් ඔක්ස්මන් ද සිල්වා මහතා කියා සිටියේ, මිනින්දොරු අංශයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර නඩු දැමීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් දෙරණ උකුස්සාගේ හෙළිදරව්වෙන් අනතුරුව කේෂ්ත්‍ර පරික්ෂාවක් ද සිදු කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.