පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිඥ සංගමයේ විරෝධය

පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිඥ සංගමයේ විරෝධය

July 12, 2018   01:33 pm


මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී නැවතත් ජාවාරම් සිදුකළ බවට පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

අද දෙරණ 24X7 බිග් ෆෝකස් වැඩසටහනට අද(12) පෙරවරුවේ එක්වෙමින් එහි සභාපතී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුන් වී මරණ දඬුවම නියම වී ඇති පුද්ගලයන් තවදුරටත් එම ජාවරමේ නිරත වන්නේ නම් එය ගැටළු සහගත තත්ත්වයක් බව එතුමා පෙන්වා දෙයි.

මරන දඬවම නියමවී විශේෂ ස්ථාවල යොමු කර ඇති පුද්ගලයින් තවදුරට එම ජාවරමේ නියලෙන්නේ නම් ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුට අභියෝගයක් බවද එය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින්  පිළිතුරු ලබාදිය යුතු බවද ඒ මහතා සඳහන් කරයි

මේ අතර පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම්  ඉදිරියේදී ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවීසය.