උතුරු - නැගෙනහිර ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා
July 12, 2018 01:31 pm
උතුරු - නැගෙනහිර ජනතාවගේ නිවාස ගැටළුව සඳහා විසදුම් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ රජය ඒ සඳහා නිසි මැදිහත්වීමක් නොකිරීම කණගාටුවට කරුණක් බවයි.
දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.