වලස් ප්‍රහාරයෙන් මාමා සහ බෑනා රෝහලට-බෑනාට බරපතළයි

වලස් ප්‍රහාරයෙන් මාමා සහ බෑනා රෝහලට-බෑනාට බරපතළයි

July 12, 2018   01:02 pm

 

කන්තලේ, හබරණ මාර්ගයේ කිවුතොට ප්‍රදේශයේ  මී කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(11) සවස එම වලස් ප්‍රහාරයෙන් මාමා සහ බෑනා බරපතළ තුවාල ලබා තිබේ.

අදාළ පුද්ගලයා තම මාමන්ඩිය සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි මාමා කියාසිටියේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදී වැලහින්න විසින් තම බැනාට පහරදුන් අතර තමන් සිදුකළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුවී ඇති බව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කළ ඇති අතර පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.