ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

July 12, 2018   09:50 am

සංචාරක  දකුණූ අප්‍රිකාණු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාගණයේදී පැවැත්වෙයි.

අද තරගයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල්ට හිමිව ඇති අතර උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්ව තිබේ.

දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් , රොෂේන්  සිල්වා , නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් ශ්‍රි ලංකා සංචිතයේ  සෙසු ක්‍රිඩකයින් වෙයි.

දකුණූ අප්‍රිකාණු කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ පෆ්ඩු ප්ලෙසිස් හටයි.