ලංකාවට හොරට ආපු සියරාලියෝන් ජාතිකයාට වැඩ වැරදුන හැටි

ලංකාවට හොරට ආපු සියරාලියෝන් ජාතිකයාට වැඩ වැරදුන හැටි

July 12, 2018   08:26 am

 

නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සියරාලියෝන් හි සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයෙකු  මෙලස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිළධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.