මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හකුලාගත යුතුයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හකුලාගත යුතුයි

July 12, 2018   07:20 am

 

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බවයි.

මරණ දඩුවම, කෘර සහ වෙනස් කළ නොහැකි දඩුවමක් බවයි ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් ගැනීමට උත්සාහ කරන බව ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා නම් එය කඩිනමින් නැවැත්විමට පියවර ගත යුතු අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම සංවිධානයන සම්පූර්ණයෙන් විරුද්ධ බවයි ජාත්‍යන්තර ක්ෂමා  සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.