ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙන හැටි අගමැති කියයි
July 12, 2018 06:56 am
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වර්තමාන ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම හම්බන්තොට වරායට ද සුවිශේෂී ස්ථානයක් හිමිවන බවයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම භාරදීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.