Back to Top

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

July 6, 2018  08:13 am

Bookmark and Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ සිටියදී ඊයේ (05) රාත්‍රී වී.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයාගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.

මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය.

වී.කේ ඉන්දික මහතා 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිණි

ඔහු 1990  වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.