රිටිගල රක්ෂිතය අනතුරේ

රිටිගල රක්ෂිතය අනතුරේ

July 2, 2018   10:37 am

රිටිගල රක්ෂිතය මෙරට තුළ තිබෙන වටිනාම ස්වාභාවික රක්ෂිත තුන අතරින් එකක්.

එහෙත් කැකිරාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගණවල්පොල ප්‍රදේශයේ රිටිගල රක්ෂිත ප්‍රේරණ කලාපයට අයත් භූමියේ විවිධ නීති විරෝධී ඉදිකිරීම් සිදුකරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ පනවා ඇති නිතිරීති තුට්ටුවකට මායිම් නොකර එම රක්ෂිතය තුළ ඉදිකිරීම් සිදුකර තිබූ ආකාරයයි.

ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස දැන්වීම් පුවරු මඟින් රිටිගල රක්ෂිතයට ඇතුළු වීම පවා තහනම් කරඇති පසුබිමකයි.

රිටිගල රක්ෂිතය වටිනා ශාක බහුල ප්‍රදේ‍්ශයක් වෙයි.

මෙහි ඇති අවදානම වන්නේ එකී ඉදිකිරීම් තවදුරටත් පැතිරුණහොත් එම පරිසර පද්ධතියට අත්වන ඉරණම ප්‍රබල පරිසර විනාශයකට  හේතුපාදක විමයි.

බලධාරීන් මේ අනාවරණය පිළිබඳ ගන්නා පියවර කුමක්ද ?

අද දෙරණ උකුස්සා ඒ ගැන සීරුවෙන්.