කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

June 24, 2018   10:23 pm

කොටහේන පොලිස් වසමේ ජම්පටාවිදිය, 137 වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද(24) රාත්‍රී 9:15 පමණ මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.