අවුරුදු 03ක තම දරුවා සමඟ සියදිවි හානි කරගන්න ගිය පියා අත්අඩංගුවට

අවුරුදු 03ක තම දරුවා සමඟ සියදිවි හානි කරගන්න ගිය පියා අත්අඩංගුවට

June 24, 2018   08:32 pm

 

වයස අවුරුදු 03ක තම පිරිමි දරුවාද සමඟ සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය පවසයි.

අද(24) දහවල් මාරවිල පොලිස් වසමේ උතුරු තොඩුවාව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

කුඩා දරුවෙකු අතින් ගත් පුද්ගලයෙක් මුහුදේ ගිලී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරන අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක ඇති අතර එහිදී ධීවරයෙකු විසින් දෙදෙනාවම බේරාගැනීමට සමත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අනතුරුව කුඩා දරුවාව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකාර පියා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කිසියම් පවුල් ආරවුලතක් හෝ වෙනත් හේතුවක් මෙම සිද්ධියට මුල් වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පැවසීය.