ඇතැම් නායකයින් ජනතාව නොමඟ යවනවා - මහින්දගෙන් චෝදනාවක්
June 24, 2018 07:53 pm
ඇතැම් නායකයින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද(24) පස්වරුවේ කොළඹ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
උඩරට අමරපුර මහානිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්රදානෝත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්ය.