ගැටළුවලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය කරනවා

ගැටළුවලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය කරනවා

June 24, 2018   06:50 pm

 

තම ගැටළු සඳහා අවසන් විසඳුමක් ලබාදෙන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

අද (24) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

තම ගැටළු විසඳන බවට අමාත්‍යවරයා විසින් ලිඛිතව පොරොන්දු හතරක් ලබාදී ඇති බවත් එම පොරොන්දු හතරම මේ වන විට කඩකර ඇති බවද ඒ මහතා පැවසීය.

ගැටළු සඳහා සුදුසු ස්ථානයකදී විසඳුම් ලබාදෙන තෙක් සේවය සඳහා වාර්තා නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.