පොලිස් කොස්තාපල්ගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් කොස්තාපල්ගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

June 24, 2018   05:36 pm

 

මහඔය,පේරවැල්තලාව පොලිස් මුරපලේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
පසුගිය 16 වැනිදා ‍පොලිස් කොස්තාපල් ජයසිංහ නමැත්තාගේ මරණය සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (23) දිනයේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැණුනු බව පොලීසිය සඳහන් කළේය.

තොරතුරක් වසන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, අපරික්ෂාකාරී ක්‍රියාවකින් හෝ නොසැලිකිලිමත් ක්‍රියාවකින් මරණය සිදුකිරීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මහඔය පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකු සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව සඳහන්ය.

සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.