මෙරට මියයන පුද්ගලයන්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්
June 24, 2018 05:06 pm
මෙරට රෝහල්වල දී මියයන පුද්ගලයින්ගෙන් සියයට 70ක්ම මිය යන්නේ බෝ නොවන රෝග හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ හේතුවෙන් බෝ නොවන රෝග අවම කරගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ව්‍යායාම නොකිරීම, බෝ නොවන රෝග සඳහා ප්‍රබල හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බෝ නොවන රෝග කළින් හඳුනාගැනීම සඳහා සුවදිවි මධ්‍යස්ථාන හා සුවදිවි නාරි මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.
ලබන අගෝස්තු මාසයේ සිට පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරිපත් කිරිමට නියමිත අතර පුද්ගලයින් 5000කට එක් වෛද්‍යවරයෙකු බැඟින් පත් කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබාගැනීම එහි අරමුණ බව අමාත්‍යවරයා කියා සිටියේය.
බෝනොවන රෝග පාලනය කරගැනීම සඳහා ලෝක බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කළ ධාවන තරගයකට සහ පාගමනකට අද පෙරවරුවේ සහභාගී වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.