ජනාධිපතිවරණයට ඇති දින ගණන ඩලස් කියයි
June 24, 2018 04:15 pm
ජනාධිපතිවරණයක් නිවේදනය කිරීම සඳහා අද සිට තව දින 500ක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
දින 500න් පසු එළඹෙන එම අවස්ථාව කිසිදු පුද්ගලයෙකුට මගහැරිය නොහැකි බවත් දින ගණන් කිරීම් කරන්න හෙට සිට තව දින 499 ඇති බවත් මෙම ගණනය කිරීම රටට වැදගත් බව මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර පළාත් සභා මැතිවරණ සිතියම හකුලා දැමීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මැතිවරණය මාර්තු මාසයේ පවත්වන බවට පොරොන්දු වුවද එය ඉටුකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවද ඔහු කියා සිටියේය.