ලැබෙන පළමු අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළ යුතුයි

ලැබෙන පළමු අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළ යුතුයි

June 24, 2018   04:01 pm

 

ලැබෙන පළමු අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.

ජන හමුවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා වන පළමු වෙඩි මුරය මෙවර අය වැය තුළදී පෙන්වීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ අරමුණ වන්නේ එක් අතකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමත් අනෙක් අතින් විධායකය අහෝසි කරමින් රට බෙදීම සඳහා වන බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.