ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකියි

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකියි

June 24, 2018   02:32 pm

තරුණ දේශපාලන නායකත්වයක් තුළින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

මහනුවරදී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ වබ සඳහන් කළේය.‍

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතිකපක්ෂය තුළ රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන වශයෙන් පිරිසිදු නායකයින් සිටින බවත් එම නායකයින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහ මෙහෙයවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.