තැපැල් වර්ජනය 14 වන දිනටත් අඛණ්ඩව

තැපැල් වර්ජනය 14 වන දිනටත් අඛණ්ඩව

June 24, 2018   02:20 pm

 

තැපැල් වෘත්තිය සමිති අද (24) 14 වන දිනටත් සිය  වර්ජනයේ නිරත වන අතර අඛණ්ඩ උපවාසයද මේ වන විටත් ක්‍රියාත්මකය. 

මේ අතර තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළීබඳව මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

තැපැල් සේවකයන් ඉකුත් ජූනි 11 වැනිදා වර්ජනයක් ආරම්භ කළේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිර කිරීම් සහ උසස්වීම් නියමිත පරිදි ලබාදෙන ලෙස ඉල්ලමිනි.

සිය ගැටළුවලට නිසි විසදුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් විම හේතුවෙන් තැපැල් වෘත්තීය සංගම් කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට පසුව අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කරනු ලැබීය.

අද දිනය වන විට එම අඛණ්ඩ උපවාසයට දින 14ක් ගත වේ.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ නියෝජිතයින් මේ පිළිබදව  මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවරට යාමටද නියමිත බව වාර්තා වේ.