කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

June 24, 2018   02:06 pm

ආණ්ඩුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මැතිවරණයක් නොපවත්වා දිගින් දිගට ආණ්ඩුව විසින් එකාදීපති පාලනයක් ගෙන යාමට අවශ්‍ය පිඹූරුපත් සකසමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයට පැමිණීම පිළිබඳ කිසි ගැටළුවක් නොමැති බව මන්ත්‍රීවරයා පවසයි.

එහෙත් එම 16 දෙනාගේ එලෙස විපක්ෂයට පැමිණීම පිළිබඳ ජනතාවට සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.