ශ්රී ලංකාවේ වනගහනය වැඩි කිරීම සඳහා නව වැඩපිළිවෙලක්
June 24, 2018 12:04 pm
ශ්රී ලංකාවේ වනගහනය වැඩි කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි අධ්යක්ෂ ජනරාල් අනුර සතරසිංහ මහතා සඳහන් කළේ විදෙස් රටවල ආධාර මත මෙම වැඩපිළිවෙල ක්රියාත්මක බවයි.
වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පැමිණිලි කිරීමේ වැඩපිළිවෙලක් හදුන්වාදීමට ද සැලසුම් කර ඇති බව අනුර සතරසිංහ මහතා ප්රකාශ කළේය.
මේ අතර යුධ සමයේ දී අතහැර දැමූ ශ්රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම් යළි වගා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
එහි සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ මේ යටතේ පුත්තලම දිස්ත්රික්කයේ සහ මන්නාරම කොන්ඩච්චි වතුයායේ ඉඩම් මෙලෙස වගා කිරීමට අපේක්ෂා කරන බවයි.