ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අවසන් එක්දින තරගය අද

June 24, 2018   11:52 am


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගය අද පැවැත්වෙයි.

මැන්චෙස්ටර්හිදී එරට වේලාවෙන් පෙරවරු 11.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

පැවති තරග 4ම ජයගත් එංගලන්ත කණ්ඩායම 4ට බින්දුවක් ලෙස මේ වන විටත් තරඟාවලිය ජයග්‍රහණය කර තිබේ.

අද(24) පැවැත්වෙන තරගය ද ජයගතහොත්  එංගලන්ත කණ්ඩායමට එක්දින තරගාවලියක සියලුම තරග ජයග්‍රහණය කිරීමේ අවස්ථාව හිමි වන අතර එය එංගලන්ත කණ්ඩායම තරග පහකින් සමන්විත එක්දින තරඟාවලියක් පහට බින්දුවක් ලෙස ජයග්‍රහණය කරන දෙවන අවස්ථාව බවට පත්වනු ඇත.

මීට පෙර 2001 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරඟාවලිය පහට බින්දුවක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.