අලුත්වැඩියා කටයුතු නිසා පුත්තලම - කොළඹ දුම්රිය ධාවනය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි

අලුත්වැඩියා කටයුතු නිසා පුත්තලම - කොළඹ දුම්රිය ධාවනය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි

June 24, 2018   11:11 am

 

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද(24) පස්වරු 4.00 දක්වා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ සිට සීදූව දක්වා දුම්රිය ධාවනය වන අතර මීගමුව සිට හලාවත සහ පුත්තලම දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

අද පස්වරු 4.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට පියවර ගන්නා බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ අතර වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය අද උදෑසන 07.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුළ සීමා කර තිබේ.

2018 ජාතික ශූරතා පාපැදි තරඟාවලිය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව පොලීසිය පැවසීය.