උපන්දින සාදය මරණයකින් කෙළවර වුන හැටි
සයුරෙන් එතෙර

උපන්දින සාදය මරණයකින් කෙළවර වුන හැටි

June 24, 2018   10:58 am

 

නැගෙනහිර ලන්ඩනයේ රොම්ෆෝඩ් ප්‍රදේශයේ උපන්දින සාදයක් අතරතුර තියුණු ආයුධයකින් පහරදී ළමයෙකු ඝාතනය කර තිබේ.

උපන්දින සාදයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි ළමයෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තරුණයින් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.