දිවියා මැරූ පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

දිවියා මැරූ පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

June 24, 2018   10:15 am

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කිළිනොච්චිය පොලීසිය ඊයේ (23) රාත්‍රී අම්බාල්කුලම් ප්‍රදේශයේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අද උදෑසන පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ බටහිර කිළිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ජුනි මස 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එසේම මෙයට සම්බන්ධ අනෙක් පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.