ජනාධිපතිගේ හා අගමැතිගේ සමඟිය නැති කරන්න ඇතැමුන් උත්සහ කරනවා

ජනාධිපතිගේ හා අගමැතිගේ සමඟිය නැති කරන්න ඇතැමුන් උත්සහ කරනවා

June 24, 2018   09:43 am

 
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සමඟිය නැති කිරීමට ඇතැමුන් උත්සහ කරමින් සිටින බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂ දෙක එතුවෙලා මුළු රට පුරා එක හා සමාන ලෙස සංවර්ධන ඉදිරියට ගෙනියන් කටයුතු කරද්දි විවිධ පුද්ගලයන්ට දැරාගැනීමට නොහැකි බව අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත්වු 16 දෙනාගේ වුවමනාව වුයේ විශ්වාසභංගයේදී අගමැතිවරයා පරාජය කොට එක්සත් ජාතික පක්ෂය පැත්තකට කර ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට බවත් එය සිදු නොවු බව අමාත්‍යවරයා පැවසීය.