නිවසකට පැන රන් භාණ්ඩ හා විදෙස් මත්පැන් බෝතල්  හොරකම් කරපු අයෙක් සොයා විමර්ශනයක්

නිවසකට පැන රන් භාණ්ඩ හා විදෙස් මත්පැන් බෝතල්  හොරකම් කරපු අයෙක් සොයා විමර්ශනයක්

June 24, 2018   08:56 am

 

වෙන්නප්පුව - බෝලවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 6,97,500 ක් වටිනා රන් ආභරණ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

ඊයේ (23) දිනයේ දහවල් කාලයේ මෙම සොරකම සිදුවී ඇත.

වෙන්නප්පුව - බෝලවත්ත පදිංචිකාරියක් වන දෝන සිල්වරීන් ලොරිටා කුමාරසිංහ (අවු:53) යන අය විසින් සිදු කර ඇති පැමිණිල්ලක් අනුව විමර්ශණය ආරම්භ කර ඇත.

තමන් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට ගොස් සිටියදී නිවසේ උඩු මහළේ ඇති ජනේලයක් විවෘත කර නිවසට ඇතුළු වී ඇති අයෙකු විසින් සොරකම සිදු කර ඇති බව පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

කොල්ලකරුවන් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.