කොදෙව්වන් පළමු ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 132යි

කොදෙව්වන් පළමු ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 132යි

June 24, 2018   08:46 am


ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 132ක් ලබාගෙන සිටියි.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද(24) තරඟය පන්දු වාර 46කට සීමා වුණි.

කොදෙව් කණ්ඩායමේ කඩුලු 05ක් ලකුණු 53කට දවාගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුවද ඩොව්රිච් සහ හෝල්ඩර් හය වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටියි.

ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 60යි.

පන්දු යැවීමේදී නායක සුරංග ලක්මාල් හා කසුන් රාජිත කඩුලු 02 බැගින් දවාගත්නේය.

දිනේෂ් චන්දිමාල්ගේ තරඟ තහනම හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ සුරංග ලක්මාල් විසින් වන අතර ඔහු මෙරට 16 වන ටෙස්ට් නායකයා ලෙස වාර්තාගත වෙයි.