මෛත්‍රියෙන් සිත නිවාගමු - පොසොන් සතිය අද ආරම්භ වෙයි
June 24, 2018 06:57 am
“මෛත්‍රියෙන් සිත නිවාගමු” යන තේමාව යටතේ මෙවර පොසොන් සතිය අද (24) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අටමස්ථානය, මිහින්තලය, තන්තිරිමලය සහ පොලොන්නරුව පුද බිම වෙත විශාල වශයෙන් සැදැහැවතුන් පැමිණෙනු ඇති බවට පොසොන් කමිටුව අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සළසා තිබේ.
මෙවර පොසොන් සමයේදී අනුරාධපුරය ආශ්රිත පුදබිම්වලට ලක්ෂ දහයක පමණ සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බව දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සඳහන් කළේය.
උඩමළුවේ සති පිරිත් දේශනය අද ආරම්භ වේ.
පොසොන් දන්සැල් 200ක් පමණ සංවිධානය කර ඇති බව වාර්තා වන අතර දිය නෑම සඳහා බසවක්කුලම සහ බුලන්කුලම වැව් වෙන් කොට තිබෙනවා.
පානිය ජලය ලබාගැනීම සඳහා තිසා වැව වෙන් කොට ඇති බැවින් එහි දිය නෑම තහනම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර පොසොන් සතිය නිමිත්තෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.