හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් පිරිනමයි

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් පිරිනමයි

June 14, 2018   10:30 pm

නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල  යටතේ රුපියල් ලක්ෂ 20ක මුදලක් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම මුදල පිරිනැමීම අද (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා වෙත මීට අදාළ චෙක්පත අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබූ අතර, මෙම අවස්ථාවට ජාතික රක්ෂණභාර අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජිතවරුන් පිරිසක් එක්ව සිටියේය.

2016 අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රන් සහ රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දී තිබූ අතර, අතපත්තු මහත්මිය විසින් රන් රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් ව සිටි බව වාර්තා වෙයි.