හම්බන්තොට සඳමුතුගම ජනතා අයිතියට

හම්බන්තොට සඳමුතුගම ජනතා අයිතියට

June 14, 2018   08:32 pm

 

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 79වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර "සඳමුතුගම"  අද (14) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කර තිබේ.
 
මෙහි මුළු නිවාස ගණන 71ක් වන අතර නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
 
"සඳමුතුගම"  ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 5කින් සමන්විත අතර සෑම නිවසකටම පර්චස් 10බැගින් ලබාදී තිබේ. 

ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. 

ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 435කි.