පොලීසිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයින්ට විතරයි

පොලීසිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයින්ට විතරයි

June 14, 2018   05:01 pm

 

පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම අඩපන වී ඇති බවත් ඒ සඳහා පොලිස්පතිවරයා වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සදහම් සේවා ජාත්‍යන්තර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (14) එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සදහම් සේවා ජාත්‍යන්තර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ජපාන හිටපු අග්‍රමාත්‍ය යුකියේ හතොයාමා මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ගොඩනැගිල්ල ජපාන හිටපු අග්‍රමාත්‍ය යුකියේ හතොයාමා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරෙන අතර ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විත වේ.

රජයේ මූලික වගකීම පුරවැසියන් සඳහා ආරක්ෂාව සැපයීම බවත් අද එම ආරක්ෂාව නැතිවී ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පොලීසිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයින් සඳහා පමණක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.