නීතියෙන් බාධාවක් නැත්නම් 2020 අපේක්ෂකයා මහින්ද

නීතියෙන් බාධාවක් නැත්නම් 2020 අපේක්ෂකයා මහින්ද

June 14, 2018   04:36 pm

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද කොළඹ පැවති උත්සවයක්න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ දෙකක් එකතුවී අද වන ආණ්ඩු සිදු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙපැත්තේ කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බව  බැසිල් රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවසීය.