පාසලේ ආරක්ෂිත පැති බැම්ම ඉදිකරන්න ආපු කම්කරුවා පස් කන්දට යටවෙයි

පාසලේ ආරක්ෂිත පැති බැම්ම ඉදිකරන්න ආපු කම්කරුවා පස් කන්දට යටවෙයි

June 14, 2018   04:23 pm

 

මහනුවර, වත්තේගම මහා විද්‍යාලයේ ඇති ආරක්ෂිත පැති බැම්මට ආරක්ෂිත පැතිබැම්මක් ඉදිකිරමින් සිටියදී පැති බැම්මේ පස් කඩා වැටීමේන් පැති බැම්ම ඉදිකරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(14) උදෑසන 10.00 පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පද්ගලයෙක් බවට හදුනා ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට වත්තේගම ප්‍රදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසි වැඩිදුර විමර්ෂණ සිදුකරයි.

මේ අතර පාසල් ළමුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසලේ පැතිබැම්ම හා ගොඩනැගිලි  ඉතා අනාරක්ෂිත තත්ත්වයේ තිබෙන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පාසල අනාරක්ෂිත තත්ත්වයෙන් මුදා දෙන ලෙස වත්තේගම මහා විද්‍යාලයේ ගුරුවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.