ඩී.වී චානකගෙන් සජිත්ට අභියෝගයක්

ඩී.වී චානකගෙන් සජිත්ට අභියෝගයක්

June 14, 2018   03:48 pm

 

රුපියල කඩා වැටීම හේතුවෙන් රටට රුපියල් බිලියන 753. 8 ක පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

2015 වසරෙදී රට තුළ පාලතය තුරන් වී තිබූ බවත් නැවත් වරක් මේ වන විට පාතාලය හිස ඔසවා ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාතාලය හිස එසවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක් වූ ඩී.වී චානක මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර නිර්දෝශී භාවය ඔප්පු කරන ලෙස අභියෝගයක් කළේය.