පාපැදි තරඟය අතර අතුරුදන් වූ පාපැදිකරුගේ මළ සිරුර සොයා ගනියි

පාපැදි තරඟය අතර අතුරුදන් වූ පාපැදිකරුගේ මළ සිරුර සොයා ගනියි

June 14, 2018   01:50 pm

 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන "Rumble in the Jungle"  මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී  අතුරුදහන් වූ පාපැදි ක්‍රීඩකයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

නාරායන් ගෝපාල් මහරාජන් නැමති මෙම තරඟකරු "කුඩා ඔයට" වැටීමෙන් මරණයට පත්වී තිබේ.

කුඩා ඔයේ තිබී පාපැදිකරුගේ මළ සිරුර සොයාගත් බව ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු පැවසා ඇත.

මෙම සිදුවීමෙන් අනතුරුව මෙම තරඟය සංවිධානය කළ සංවිධායකයින් "Rumble in the Jungle"  මවුන්ටන් පාපැදි තරඟාවලිය නවතා දැමීමටයි.

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය හා ස්විට්සර්ලන්තය යන රටවල් වලින් තරඟකරුවන් 39 දෙනෙක් මෙම තරඟය සඳහා තරඟ  කළේය. මහරාජ්ට අමතරව නේපාලයේ සිට අජේ පන්ඩිත් චෙට්රි සහ බුද්ධි බහදූර් තම්ං (රොහාන්) සහභාගී වූහ.