යූරෝ 4 ඉන්ධන ආවට ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් වෙන්නේ නෑ
June 14, 2018 01:05 pm
වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත යූරෝ ෆෝ ඉන්ධන වර්ගය හේතුවෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් ඉන්ධන වර්ග වෙළඳපෙලෙන් ඉවත් නොවන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
පරිසර හිතකාමී යූරෝ ෆෝ ඉන්ධන වර්ගය ලබන මාසයේ දී වෙළඳපලට හඳුන්වාදෙන අතර මේ හේතුවෙන් දැනට භාවිත වන සාමාන්‍ය ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් යන ඉන්ධන වර්ග පමණක් වෙළඳපලෙන් ඉවත් වීම සිදුවන බව උපාලි මාරසිංහ මහතා පැවසීය.
"යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එම ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා. එහිදී අපි මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් ඔක්ට්‍රේන් 95 ප්‍රෙට්ටල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. එම ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් ලෙසින්. ඒ සමඟම අපි දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් වෙනවා. කෙසේනමුත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළද පොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළදපොලෙන් ඉවත් වන්නේ නැහැ. නමුත් ඉහළ ප්රමියෙන් යුත් ඉන්ධන නිතරම භාවිතා කරන ලෙස අපි පාරිභෝගිකයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. උපඑයින් තමගේ වාහනවලටත් පරිසරයටත් සුබදායි තත්ත්වයක් උදා කර දෙන්න පුළුවන්.” යැයිද අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා කියා සිටියේය.