තැපැල් වර්ජනය අදත්

තැපැල් වර්ජනය අදත්

June 14, 2018   12:33 pm

 

තැපැල් සේවක වර්ජනය අද 3 වන දිනටත් ක්‍රියාත්මක වේ.

එහෙත් තැපැල් අමාත්‍යාංශය වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වර්ජනය නවතා යළි සේවයට වාර්තා කරන ලෙසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් පසුගිය 11වනදා දිට වර්ජනයේ නිරත වේ.

කාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් සේවකයින් 26000ක් පමණ මෙම වර්ජනයට එක් ව සිටින බවයි. 

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ඊයේ පාලු ස්භාවයක් ගෙන තිබිණි.

මේ අතර වර්ජනය නවතා යළි සේවයට වාර්තා කරන්න ලෙස තැපැල් අමාත්‍යංශය සේවකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.