රාජ්‍ය පරිපාලන සංගමය සිය ගැටළු ගැන විෂය බාර ඇමති සමඟ සාකච්ඡාවක් අද

රාජ්‍ය පරිපාලන සංගමය සිය ගැටළු ගැන විෂය බාර ඇමති සමඟ සාකච්ඡාවක් අද

June 14, 2018   12:28 pm

 

‍‍සිය ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන විෂය බාර අමාත්‍යවරයා සමඟ අද (14) දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන සංගමය පවසයි.

ඒ සදහා සිය සංගමයේ සාමාජිකයින් අමාත්‍යංශය වෙත කැඳවා ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේය.

පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ පරිපාලන නිළධාරීන් අද දිනයේ අනිවාර්ය ලෙඩ නිවාඩු දමා සේවා කටයුතු වලින් ඉවත්වී තිබේ.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රදේශීය ලේකම්වරුන්, අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් ඇතුළු පරිපාලන සේවයට අයත් නිළධාරීන් 2462කු එක්ව සිටින බව සඳහන්ය.