ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයට ගංවතුර
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයට ගංවතුර

June 14, 2018   12:20 pm

 

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයට අඛණ්ඩව ඇඳහැලුණු වර්ෂාවෙන් අනතුරුව ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි.

ගංවතුරින් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්ෆාල් නගරයටයි.

නගරයේ ප්‍රධාන ගංඟා රැසක්ම පිටාර මට්ටමට පැමිණ ඇති බව එරට වාර්තා වල සඳහන්ය.

නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් ගංවතුරට හසුව ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම ගංවතුරට හසුවූ ප්‍රදේශ වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යැවීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි.

නරගයේ මහාමාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ගමනාගමනයටද බාධා මතුව තිබේ.