පාපන්දු ලෝක කුසලාන අද ඇරඹේ
June 14, 2018 10:11 am
මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද(14) රුසියාවේදී ආරම්භ වෙයි.
මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 32ක් සහභාගී වී සිටින අතර තරඟාවලියේ තරඟ 64ක් පැවැත්වීමට නියමිතයි.
රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලොක කුසලාන තරඟාවලිය ක්රිඩාංගණ 12ක දින 32ක් පුරා පැවැත්වීමට සැළසුම් කර තිබේ.
පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් අද දිනයේ සත්කාරක රුසියානු කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.