අනවසරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවන් 3ක් මාට්ටු

අනවසරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවන් 3ක් මාට්ටු

June 14, 2018   09:55 am

හැටන් පොලිස් වසමට අයත් රුවන්පුර වන වගා රක්ෂිතයක අනවසරෙන් දැව කඳන් කපා ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් හැටන් වන රක්ෂණ කාර්යාලයේ නිලධාරීන්  විසින්  අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක වගා කර තිබු යුකෙලෙප්ස්ටික්  වර්ගයේ දැව කදන් (වටපරාල) මෙසේ කපා ඇති බව වාර්තා වෙයි. 

වනවගාවට ඇතුළු වී වන වගා රක්ෂිතයේ වගා කර තිබු අවුරුදු 8 පමණ වැඩුණු දැව කදන් මෙසේ කපා තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේය.

කිසියම් ඉදිකිරීමක් සඳහා මෙම දැව කදන් කපා ඇති බව වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරීන් පවසයි.

මෙම සැකකරුවන් දැව කදන් කපා ලොරි රථයකින් ප්‍රවහනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත හැටන් වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරීන් හැටන් රුවන්පුර ප්‍රධාන මාර්ගයේදි  ඊයේ(13) පස්වරුවේ මෙම සැකකරුවන් සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් රුවන්පුර මටුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්  එම සැකකරුවන් අද(14) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් මෙම වැටලීම සිදුකළ හැටන් වන රක්ෂණ කාර්යයාලයේ නිලධාරීන් පැවසීය.