ඥානසාර හිමිට දඬුවම් නියම කිරීම අද

ඥානසාර හිමිට දඬුවම් නියම කිරීම අද

June 14, 2018   09:43 am

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද(14) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

පසුගිය මැයි මස 24 වන දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කරනු ලැබීය.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.