කෑගල්ලේ සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

කෑගල්ලේ සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

June 14, 2018   09:24 am

කෑගල්ල දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(13) සවස මෙය සිදුව ඇති අතර, විවෘත කර තිබු ජනේලයකින් එන්නත් ලබා දීමට භාවිතා කරන සිලින්ජරයක් භාවිතා කරමින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් මුහුණ ප්‍රදේශය තුවාල ලැබු සහකාර කොමසාරිස්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.