අගමැති ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

අගමැති ඉල්ලා අස්වෙයි

June 14, 2018   09:11 am

ජෝර්ජියානු අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අග්‍රාමාත්‍ය ජොර්ජි කිවිරිකාෂ්විලී සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෝර්ජියානු අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ස්සේ ප්‍රකාශ කර තිබේ.

නව කැබිනට් මණ්ඩලයක් සාදා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බෙව ඔහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

50 හැවිරිදි ජොර්ජි කිවිරිකාෂ්විලී 2015 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවේය.