පාපන්දු තරඟයක් අතරතුර ගුටිකෙළියක් - 15ක් අත්අඩංගුවට

පාපන්දු තරඟයක් අතරතුර ගුටිකෙළියක් - 15ක් අත්අඩංගුවට

June 14, 2018   08:53 am

 

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පාපන්දු තරඟයක් අතරතුර කණ්ඩායම් දෙකක් අතර සිදුවු ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කළ බව යාපනය වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඊයේ(13) කණ්ඩායම් දෙකක් අතර ඇති වු ගැටුම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබු බවයි.

ගැටුම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ මඟින් අදාළ පිරිස අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට ගත් පිරිස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසූවේ පාපන්දු තරඟය අතර තුර සිදුවු බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.