පුංකුඩිතිව් වෙරළ තීරයෙන් මළ සිරුරු දෙකක් හමුවෙයි
June 14, 2018 07:39 am
යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව යාපනය කයිට්ස් පොලීසිය පවසයි.
කයිට්ස් පොලීසිය පැවසූවේ තලෙයිමන්නාරම ප්රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් එලෙස ඊයේ(13) වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බවයි.
තලෙයිමන්නාරම උතුර ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි ඉරස්තියන් නමැත්තෙකුගේ හා 33 හැවිරිදි ආරෝග්යරාජ් නමැති දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති අතර, ඥාතීන් විසින් මළ සිරුරු හදුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ පසුගිය 08 වැනිදා අදාළ පිරිස තලෙයිමන්නාරම ප්රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර, අනතුරුව නිවෙස් වෙත නොපැමිණ තිබිණි.
මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.