20 මුළුමනින්ම හරි සංශෝධනය කරන්න ජවිපය සූදානම්

20 මුළුමනින්ම හරි සංශෝධනය කරන්න ජවිපය සූදානම්

June 14, 2018   07:10 am

 

‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම වුවද සංශෝධනය කිරීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.